අධිකරණ පියස ව්‍යාපෘතියෙහි හා අධිකරණ සංකීර්ණ 04ක ඉදිකිරීම් කඩිනම් කරන්න – අධිකරණ ඇමති

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ඉදි කිරීම් ව්‍යාපෘතීන් වන ‘අධිකරණ පියස’ ව්‍යාපෘතියෙහි ගොඩනැගිලි දෙකක සහ අධිකරණ සංකීර්ණ හතරක ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද ( 27) අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, ගාල්ල අධිකරණ සංකීර්ණය, පූගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, මාතලේ අධිකරණ සංකීර්ණය සහ කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අවස්ථාවේදි‍යි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

අධිකරණ පියස ව්‍යාපෘතිය, අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම්වල ප්‍රගතිය සහ අධිකරණ යටිතල පහසුකම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වියදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙහි පළමු අදියර සඳහා රුපියල් මිලියන 3500ක්, අධිකරණ නිවහන ව්‍යාපෘතියෙහි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලෙහි පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 4519 ක්, මාතලේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන 599 ක්, ගාල්ල අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සදහා රුපියල් මිලියන 1686 ක්, පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 882 ක් සහ කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 244 ක මුදලක් වෙන් කර තිබෙනවා.

මහල් තුනකින් සමන්විත පූගොඩ අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල සහ සෙසු පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමට නියමිත අතර මෙම වසර තුළ එහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03