නැදිමාලේ වෙඩික්කරු හා සහායකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මැයි 19 වැනි දින දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේ දී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මත්ද්‍රව්‍යය සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අද (27) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 160ක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 350ක් සමග අත් අඩංගුවට ගැනුණු බවයි.

සැකකරුවන් වයස අවුරුදු 38 හා 43 යන වයස්වල පසුවන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?