ලොව දිගම වඳුරු පටිපණුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක දරුවකුගේ උදරයෙන් සොයාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල පවසනවා.
විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල සඳහන් කළේ මෙම සඳහන් කළේ මෙම දුර්ලභ වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනය ලැබුණු සාම්පල කිහිපයක සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම පටි පණුවා හඳුනාගෙන තිබෙනවා.
සිදුකළ පරීක්ෂණවල දී තහවුරුව ඇත්තේ මෙම පටිපණුවා බිත්තර බර්ටියෙල්ලා විශේෂයට අයත් බවයි.
මෙම වර්ගයේ පටිපණුවාගේ දිග සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 70 දක්වා වර්ධනය වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ දක්වා, ලෝකයේ හඳුනාගෙන ඇති දිගම බර්ටියෙල්ලා පටිපණුවා සෙන්ටි මීටර් 40ක දිගකින් යුක්ත වන අතර, කුරුණෑගල දරුවාගේ උදරයෙන් සොයාගත් මෙම පටිපණුවාගේ දිග සෙන්ටි මීටර 70ක් වනවා.




