පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරදීමට දුන් කාලය අදින් අවසන් (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

අදාළ වාර්තා ලබානොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට වාර්තා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක සඳහන් කළේ.

අනතුරුව නීතීපතිවරයාගේ උපදෙස් මත එම පුද්ගලයින්ට නීත්‍යානුකුලව කටයුතු කිරිමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මැතිවරණ මහලේකම් කාර්යාලය අද (27) මධ්‍යම රාත්‍රි දොළහ දක්වා මෙම වාර්තා භාරගැනීමට විවෘතව තබන බව ද සභාපතිවරයා පැවසුවේ.

අවසන් මොහොත වෙනකන් නොසිට අදාළ වියදම් වාර්තා මැතිවන කොමිෂන් සභාවට හෝ අදාළ තේරීම් භාර නිලධාරීන්ට ලැබීමට සලස්වන ලෙසයි සියලුම දේශපාලන පක්ෂ දේශපාලන කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් නායකයින් ගෙන් ඉල්ලා සිටින්නේ.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර ගැසට් පත්‍රයේ පළ කිරිමට තවදුරටත් සභිකයින්ගේ නම් භාර නොදුන් ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට හෝ තේරිම්භාර නිලධාරින්ට එම නම් ලබාදෙන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36