පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
අදාළ වාර්තා ලබානොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට වාර්තා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක සඳහන් කළේ.
අනතුරුව නීතීපතිවරයාගේ උපදෙස් මත එම පුද්ගලයින්ට නීත්‍යානුකුලව කටයුතු කිරිමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියා.
මේ අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මැතිවරණ මහලේකම් කාර්යාලය අද (27) මධ්‍යම රාත්‍රි දොළහ දක්වා මෙම වාර්තා භාරගැනීමට විවෘතව තබන බව ද සභාපතිවරයා පැවසුවේ.
අවසන් මොහොත වෙනකන් නොසිට අදාළ වියදම් වාර්තා මැතිවන කොමිෂන් සභාවට හෝ අදාළ තේරීම් භාර නිලධාරීන්ට ලැබීමට සලස්වන ලෙසයි සියලුම දේශපාලන පක්ෂ දේශපාලන කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් නායකයින් ගෙන් ඉල්ලා සිටින්නේ.
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු වනවා.
මේ අතර ගැසට් පත්‍රයේ පළ කිරිමට තවදුරටත් සභිකයින්ගේ නම් භාර නොදුන් ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට හෝ තේරිම්භාර නිලධාරින්ට එම නම් ලබාදෙන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටිනවා.





