UPDATE: හෙළ සිනමා උයනේ සදාතනික ආකාස කුසුම; මාලිනියනී ඔබට නිර්වාණය දුර නොවේවා ! (වීඩියෝ)

ලාංකික සිංහල සිනමාවේ නිළියක ලෙසින් විශිෂ්ට රංගන ප්‍රතිභා පූර්ණ කරමින්, සිය දක්ෂතා සිනමා රූප රාමු මත තැවරූ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද (26) පස්වරුවේ ඇයට ආදරය කරන මුළුමහත් රසික සමූහයා හඬවමින් ජීවන රඟමඬලේ වසර 78ක් පුරා දැක්වූ රංගන කටයුත්ත සාර්ථක ව අහවර කරමින් බැස ගියා.

දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් සිටි හෙළ සිනමාවේ නිළි රැජිනියන් මැයි මස 24 වැනි දා අලුයම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සදහටම අප අතරින් සමුගත්තා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පූර්ණ අනුදැනුම මත හෙළ සිනමාවට විශිෂ්ට සේවයක් සිදු කළ මාලිනියන් වෙනුවෙන් ඇයගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමටයි තීරණය කෙරුණේ.

ඒ අද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දීයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ප්‍රභූ දේශපාලකයින් රැසක් මෙන් ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටි අතර, මාලිනියන්ට ආදරය කරන දසදහස් සංඛ්‍යාත ජන ගඟක් ද අද දිනයේ අවමංගල්‍ය උත්සවයට එක් ව සිටියා.

ඊයේ පෙරවරුවේ සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ මහජන ගෞරවයට මෙන් ම කලා ගෞරවයට පාත්‍ර වූ මාලිනියන්ගේ දේහයට අද උදෑසන 09.30 සිට අවසන් ගෞරව පුද කිරීමට මහජනතාවට නිදහස් චතුරස්‍රයේ දී ඉඩහසර වෙන් වුණා.

ඒ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ යි.

වර්ෂ 1947 අප්‍රේල් මස 30 වැනිදා වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ මෙම ප්‍රතිභා පූර්ණ රංගවේදිනිය පෑලියගොඩ දී මෙලොව එළිය දුටුවේ ගිල්බර්ට් ෆොන්සේකාට සහ සීලවතී ෆොන්සේකා යන දෙපොළට දාවයි.

වර්ෂ 1965 දී උපාලි සේනානායක සමග යුග දිවියට පිවිසෙන මාලිනියන් වර්ෂ 1973 දී එම බන්ධනයෙන් වෙන් වීමට තීරණය කළා.

පසුව 1986 වර්ෂයේ දී මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලකී ඩයස් සමග අතිනත ගන්නා මාලිනී ෆොන්සේකා 25 වසරක යුග ජීවිතයට ද 2011 දී තිත තැබීමටයි තීරණය කෙරුණේ.

කලක් මෙරට සක්‍රීය දේශපාලනයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ද කටයුතු කළ මාලිනියන්ගේ දේශපාලන ජීවිතයට වඩා ඇයට රසිකයින් දසදහස් ගණනක් පෙම් බැන්දේ ඇය සතුව පැවති රංගන ප්‍රතිභාවට සහ මානුෂීය ගුණාංගවලටයි.

‘පුංචි බබා’ සිනමා පටයෙන් රිදී තිරයට පිවිසෙන මාලිනිය ව ජනතාව ආදරයෙන් වැළඳගන්නට විශාල කාලයක් නම් ගත වූයේ නැහැ.

දෙස් – විදෙස් හි සම්මානයට පාත්‍ර වූ මාලිනියන්ගේ අතිවිශිෂ්ට රංගන කෞෂල්‍යයට සම්මාන හිමි වූ නිර්මාණ අතර; 1947 වර්ෂයේ දී ඇය රංගනයෙන් දායක වූ ‘ නිධානය’ සිනමා පටයට ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනා ගත්තා.

ඇයගේ ජීවිතයේ පළමු සම්මානය වන එයින් පසුව නොනැවතුණු මාලිනියන්ගේ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවට හිඟන කොල්ලා, ආරාධනා, යස ඉසුරු, වැනි සිනමා පට සඳහා ද ජනප්‍රිය ම හා දක්ෂතම නිළියට හිමි සම්මානවලින් ද පාත්‍ර වුණා.

පසුව ඇයගේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජනාධිපති සම්මානවලට ද පාත්‍ර වූයේ බඹරු ඇවිත්, වසන්තයේ දවසක්, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ යන චිත්‍රපටයි ප්‍රධානයි.

හොඳම නිර්මාණශීලී නිළියට හිමි සම්මාන අවස්ථා හතරක දී දිනා ගන්නා ඇය, ”ආකාස කුසුම්’ සඳහා ජාත්‍යන්තරයේ ද ඇගයීමට පාත්‍ර වුණා.

කවදත් සිනහ මුසු මුහුණින් සිය රසිකයින් සමග ගනුදෙනු කළ හෙළ සිනමාවේ නිළි රැජින ගැන දසත අපට දැනෙනුයේ;

රංගනය යනු ප්‍රතිභාවකි. එය උපතින් ලද්දකි. ජන්මයෙන් ලද තිළිණය මසැසින් නොව මනසින් සුපෝෂිත කරගත්තෝ, මිනිස් සිත් තුළ අවසානයේ වේදනා ස්පර්ශිත රසයක් ශේෂ කොට සටහනකින් තොරව ම නික්මෙති. නමුදු එවන් විශිෂ්ටයෝ අමරණීය වෙත්.” යනුවෙනි.

සිංහල සිනමාවේ ස්වර්ණමය පරිච්ඡේදයේ රන් සලකුණ ලෙස ගෞරවාදරයට පාත්‍ර වන; දැයට අහිමි වූ ‘හෙළ සිනමා උයනේ සදාතනික ආකාස කුසුම‘ ඔබට නිර්වාණය දුර නොවේවා!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18