ප්‍රසන්න රණවීරගේ ඇප ඉල්ලීම විසිවෙයි – මර්වින් එක්කම ආයෙත් ඇතුළට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහි නඩුව අද (26) යළි විභාගයට ගැනුණා.

ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ දී නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවුණා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී සියලු පාර්ශ්වයන්හි කරුණු සලකා බැලූ මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය නියෝග කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු සෙසු සැකකරුවන් සිව්දෙනා ජූනි මස 09 දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉල්ලන ලද ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ඉවත දමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34