ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කරන රැවෙන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

කථානායකවරයාගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කළ තානාපති අසාර් මහතා ඊශ්‍රායල කථානායකවරයාගේ ද උණුසුම් සුබ පැතුම් මෙහිදී පළ කළා.

සංචාරක, කෘෂිකර්ම, විද්‍යා, ඩිජිටල් තාක්‍ෂණය, වෙළඳාම සහ ආයෝජන සහ වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර
සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා – ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ වැදගත්කම ද තානාපතිවරයා අවධාරණය කළා.

මෙම සුහද සාකච්ඡාවේ දී බෞද්ධ දර්ශනය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතා, එහි ඉගැන්වීම් ලෝක සාමය සහ සහජීවනය පෝෂණය කිරීම සඳහා වැදගත් සර්ව කාලීන දහමක් බවත් පැවසුවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් දිනේෂ් රොද්‍රිගෝ මහතා ද සහභාගී වුණා.

Israel Ambassador 20250521 1
Israel Ambassador 20250521 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?