ලාංකික රංගන ප්‍රතිභාවේ ඉන්ද්‍රනීල මාණික්‍යය අද පස්වරුවේ දැයෙන් සමුගනියි

පසුගිය සෙනසුරාදා (මැයි 24) රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි ‘හෙළ සිනමාවේ නිලි රැජින ලෙස සැලකෙන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා’ අද (26) පස්වරු 04ට දැයෙන් සමුගැනීමට නියමිතයි.

එම අවමංගල්‍යය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම අවමංගල්‍ය උත්සවය අද පස්වරු 04 සිට පස්වරු 06 තෙක් කොළඹ – නිදහස් චතුරශ්‍රයේ සිදු කෙරෙනු ඇති.

අවමංගල්‍ය පෙරහැර ගමන් කරන මාර්ගය ලෙස අද පෙරවරු 07.30ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කර මේඩ්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී මේඩ්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හන්දියෙන් වමට හැරී නිදහස් මාවත ඔස්සේ ගමන් කර පෙරවරු 09ට නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතයි.

එබැවින් රථවාහන ගමනාගමනයට බාධා සිදු නොවන අන්දමින් මෙම අවමංගල්‍ය පෙරහැර හා උත්ස්වය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හන්දියේ සිට නිදස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමේ දී විනාඩි 15ක කාලයක් සඳහා නිදහස් වටරවුම් සිට නිදහස් මාවතට ඇතුළු වන රථවාහන සීමා කරනු ලබනවා.

එබැවින් මෙම කාලසීමාවේ දී ඒ අවට පිහිටි නිදහස් මාවත හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස නිදහස් වට රවුමේ සිට බෞද්ධාලෝක මාවතට ගමන් කරනු ලබන රථවාහන නිදහස් වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දෙසට දිවෙන පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ගොස් රාජකීය විද්‍යාලය අසලින් වමට හැරී ගමන් කරනු ලබන මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ගමන් කර බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12