නිළි රැජිණගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ගෙන ඒමට නියමිතයි.

ඇයගේ දේහය පෙරවරු 10.00 සිට තරංගනී ශාලාව වෙත රැගෙන ඒමට නියමිත අතර; එතැන් සිට අවසන් කටයුතු සිදුකරන හෙට (26) දිනය දක්වා මහජන ගෞරවය වෙනුවෙන් එම ස්ථානයේ තැන්පත්කර තැබෙනවා.

අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරුවේ ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ සිට ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම නිවසට පැමිණි බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සියලු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි ඇය ඊයේ (24) අලුයම අභාවප්‍රාප්ත වූණේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්තවන විට ඇය 78 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43