නිළි රැජිණගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ගෙන ඒමට නියමිතයි.

ඇයගේ දේහය පෙරවරු 10.00 සිට තරංගනී ශාලාව වෙත රැගෙන ඒමට නියමිත අතර; එතැන් සිට අවසන් කටයුතු සිදුකරන හෙට (26) දිනය දක්වා මහජන ගෞරවය වෙනුවෙන් එම ස්ථානයේ තැන්පත්කර තැබෙනවා.

අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරුවේ ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ සිට ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම නිවසට පැමිණි බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සියලු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි ඇය ඊයේ (24) අලුයම අභාවප්‍රාප්ත වූණේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්තවන විට ඇය 78 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?