වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිමංකඩ ආසන්නයේ දී බස් රථයක ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.
අද (24) දහවල් සිදුවූ මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
මාර්ගය අයිනේ නතරකර තිබූ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ අතර තංගල්ල පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අද (24) අලුයම අනතුරක් සිදුව තිබුණා.
මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 12 දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
එලෙස රෝහල් ගතකළ අයගෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.





