වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
එම විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනු ලැබූ සිසුවියක් ඊයේ (23) සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
සිසුවිය රැඳී සිටි නේවාසිකාගාරය තුළදී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
සියදිවි හානිකරගත් සිසුවිය වැලිකැටිය, කුටුහපුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
සිසුවියගේ මෘත ශරීරය හලාවත රෝහලේ මේ වනවිට තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














Pl closed campus not to need bad persons over country