චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ භාරදුන් බවයි මන්ත්‍රීවරයා දසත නිවුස් කළ විමසීමක දී පැවසුවේ.