පසුගිය මැයි මස 20 වැනි දින සභා ගර්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක් ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීම අරඹමින් කථානායකවරයා මේ බව නිවේදනය කළා.
ඒ අනුව අදාළ වාර්තාව සැකසීම සඳහා නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිනී හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙන් ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
+1
+1
1
+1
1





