ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිට දී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගසා ඇති බවටයි.

යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයක් අවසන් කර එම නිලධාරීන් ඉන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එම අවස්ථාවේ දී නිලධාරීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු චිකාගෝ හි පදිංචිකරුවෙක්.

මේ අතර මෙම ප්‍රහාරය රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරයට යුරෝපා සංගමය සහ අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයින් ද ලක් වන බවයි ජාත්‍යන්තරයේ විවිධ රටවල රාජ්‍ය නායකයින් පෙන්වාදෙන්නේ.

වහාම මෙම ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටිනවා.

යුරෝපීය සංගමය, අරාබි සහ ආසියානු ජාතීන්ගෙන් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරට ගිය අවස්ථාවේ දී ඊශ්‍රායල ප්‍රහාරයට ලක්ව ඇති බව පලස්තීන අධිකාරිය සහ බොහෝ රටවල් තහවුරු කළා.

ජෙනින් හි මානුෂීය තත්ත්වය තක්සේරු කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදියි මෙම ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?