සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳට බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවම් – එම දඬුවම 10 වසරකට අත්හිටවෙයි

මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් නුගේගොඩ ප්‍රදේශයේ ‘සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් සමාගම 2006 නොවැම්බර් 01 වැනිදා සිට 2008 සැප්තැම්බර් 11 වැනි දක්වා අතර කාලය තුළ පවත්වාගෙන ගොස් ගනුදෙනුකරුවන් තැන්පත් කළ රුපියල් දහසය කෝටි හතලිස් එක් ලක්ෂයකට ආසන්න මුදලක් භාරගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ යන චෝදනාවට වරද පිළිගත්, අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී නමැත්තියට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා බරපතළ වැඩ සහිත වසරක බැගින් සිරදඬුවම් නියම කර, එම සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවීමට නියම කර තිබෙනවා.

අදාළ නඩු තීන්දුව අද (22) දිනයේ දී ප්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩයක් ද නියම කළ බවයි.

එකී දඩය ගෙවීමෙන් අනතුරුව, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන මුදා හරින ලෙසට ද අධිකරණය නියෝග කළා.

එකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්ති පාර්ශ්වය පැමිණිල්ල සහ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විවෘත අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාව මත, එකී මුදලින් සියයට 60ක් එනම්, නව කෝටි අසූපන්ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට එකඟ වී තිබුණා.

එකී එකඟතාවට අනුව 2023 වසරේ ජූලි මස සිට රුපියල් ලක්ෂ 50 බැගින් වූ මුදල වාරික බැගින් විත්තිකරුවන් ගෙවා අවසන් කිරීමෙන් පසුව අද දින දඬුවම් නියම කිරීමට විවෘත අධිකරණයේ දී නඩුව කැඳවනු ලැබුවා.

එකී මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කිරීමෙන් පසුව තැන්පත්කරුවන්ට නිසි ආකාරයෙන් ගෙවීමට ක්‍රියාදාමයක් සකසන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු වැනි විත්තිකරු වන සක්විති රණසිංහ නමැත්තා වසර 09ක කාලයකුත්, දෙවැනි විත්තිකාරිණිය වසර දෙකක කාලයක සිට ඇප ලබාගෙන ඇති බවත්, පළමු වැනි විත්තිකරු පන්ති පවත්වා උපයාගත් මුදලින් අදාළ මුදල (රුපියල් ලක්ෂ 50) ගෙවා නිමකර ඇති බවත්, එම විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනෙරත් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම විත්තිකරුවන්ගේ දරුවන් ඉදිරි මාසවල දී විවාහ වීමට නියමිත බැවින්, ඔවුන්ට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

  1. කෙනෙකුට හිතෙන්න පුලුවන්, මෙලෙසම රුපියල් කෝටි පනහක් වංචා කරල , එම මුදල් තැන් තැන්වල හංගනව. ඊට පස්සෙ අහුවුනාම අධිකරණයෙදි පැමිනිල්ලත් එක්ක එකඟතාවකට එනව වංචා කල මුදලින් 60% ක් එනම් කෝටි 30 ක් ගෙවල සමතයකට පත්වෙන්න. ඇප ලැබුනු දා සිට ඉංග්‍රීසි පන්ති පවත්වනව. ඒ පන්තිවලින් ඉපයූ මුදලින් කියල ලක්ෂ 50 බැගින් කෝටි 30 ක මුදල 60% ගෙවා පියවනව. ඉන්ග්රීසි පන්තියකින් මසකට ලක්ෂ 50 ක් බැගින් ඉපයිය හැකිද යන්න එක් ප්‍රශ්ණයක්. අනික, මාස් පතා ලක්ෂ 50 බැගින් ටියුෂන් වලින් උපයන්න බැරි වුනත් , වංචා කරල හංගපු කෝටි 50 න් 60% ක් වන කෝටි 30 ක මුදල ගෙව්වත් , නිකං ඉදල කෝටි 20 ක් ලාබයි. බරපතල වැඩ සහිත වසරක් නොව වසර 5 ක තීන්දුවක් දුන්නත් කමක් නැහැ වසර 25 කට හරි කමක් නැහැ අත්හිටවල !. ආතල් එකේ කෝටි 20 ක් භුක්තිවිදිත හැකි ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39