කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (21) පෙරවරුවේ රමිත් රඹුක්වැල්ල අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.

එහිදී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව රමිත් රඹුක්වැල්ල මහතා ව අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.