කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ද අදාළ නඩුවේ පැමිණිලිකරුවෙකු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුවයි රමිත් රඹුක්වැල්ල මහතාට අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පෙනී සිටින ලෙසට දැනුම්දුන්නේ.