මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක්

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කේ. ඩබ්ලිව්. කන්ඩම්බි මහතා පත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්ද දා දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජූනි මස 02 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

එම ආයතනයේ සේවය කළ සිවිල් ඉංජිනේරුවකු වන කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පත් කරන ලෙස ඉකුත් 08 වනදා අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ බව සඳහන් කළා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු චෝදනා කළා.

මේ තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53