මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක්

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කේ. ඩබ්ලිව්. කන්ඩම්බි මහතා පත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්ද දා දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජූනි මස 02 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

එම ආයතනයේ සේවය කළ සිවිල් ඉංජිනේරුවකු වන කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පත් කරන ලෙස ඉකුත් 08 වනදා අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ බව සඳහන් කළා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු චෝදනා කළා.

මේ තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?