ජාතික ආරක්ෂාව ගැන විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ජාතික ආරක්ෂක තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (20) උදෑසන පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීතරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ආචාර්ය පී. සත්‍යලිංගම් සහ නිසාම් කාරියප්පර් අය සහභගී වී තිබෙනවා.

මෙම තත්ත්වය මහජනතාවගේ ජීවිතවලට බලපා ඇති බවත්, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ තම මහජන සේවාවන් ඉටු කිරීමට නොහැකි තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත් පක්ෂ නායකයින් මෙහිදී පේනවා දී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත නිදහසේ සහ ස්වාධීනව තම රාජකාරි ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම කතානායකවරයාට අවධාරණය කළ යුතු බවයි මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කර ඇත්තේ.

පැවතී ඇති තත්ත්වයන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව, පක්ෂ නායකයින් කතානායකවරයා හමුවී මෙම තීරණ සහ යෝජනා පිළිබඳව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58