දේශබන්දු තෙන්නකෝන්ව ඝාතනය කිරීමට කංජිපානිගෙන් බූස්සේ සුද්දාට කොන්ත්‍රාත්තුවක් (වීඩියෝ)

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට යුරෝපයේ සැඟව සිටින අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්‍රාන් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට මහජන ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ; මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බී. සමන් කුමාර නැතතොත් අයි.ඩී.එච්. සුද්දා නමැත්තෙකුට බවයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් බූස්ස බන්ධනාගාරයේ එවැනි අයෙකු රඳවා තිබේ ද යන්න සොයා බැලීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ.

ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද අවසර හිමි ව ඇති අතර අදාළ කොන්ත්‍රාත්තුව ලබා දුන් දූරකථන අංකය ගැන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51