විදුලි බිල සංශෝධනය කිරීම ගැන ලංවිම යෝජනාව සමාලෝචනයට

විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සමාලෝචනය කරමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඉන් අනතුරුව, ඊට අදාළ ප්‍රතියෝජනාව සකස් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස් කරන ප්‍රතියෝජනාව පිළිබදව මහජන අදහස් විමසීම ලබන 20 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

පළාත් නවයම ආවරණය කරමින් වාචිකව සහ ලිඛිතව මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එම කොමිෂන් සභාව පැවසුවේ එම සියලු යෝජනා සහ අදහස් සැළකිල්ලට ගනිමින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් ජුනි මස පළමු හෝ දෙවන සතියේ විදුලිබිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.

සියයට 18.3කින් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (17) දිනයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?