විදුලි බිල සංශෝධනය කිරීම ගැන ලංවිම යෝජනාව සමාලෝචනයට

විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සමාලෝචනය කරමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඉන් අනතුරුව, ඊට අදාළ ප්‍රතියෝජනාව සකස් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස් කරන ප්‍රතියෝජනාව පිළිබදව මහජන අදහස් විමසීම ලබන 20 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

පළාත් නවයම ආවරණය කරමින් වාචිකව සහ ලිඛිතව මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එම කොමිෂන් සභාව පැවසුවේ එම සියලු යෝජනා සහ අදහස් සැළකිල්ලට ගනිමින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් ජුනි මස පළමු හෝ දෙවන සතියේ විදුලිබිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.

සියයට 18.3කින් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (17) දිනයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16