කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට 17 සහ 18 වයස්වල දෙදෙනෙක් අත්අඩංගුවට

කොටහේන, සුමිත්‍රා මාවත ප්‍රදේශයේ පෙරේදා (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම අපරාධයෙන් පසු පළාගිය සැකකරුවෙක් සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 17 සහ 18 යන වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනා අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පෙරේදා (16) රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?