හම්බේගමුවේ මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු සොයා විමර්ශන

හම්බේගමුව පොලිස් වසමේ අළුත්වැව ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටය දී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රීරෝද රථය අතර මඟ නවතා තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වූ කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?