හම්බේගමුවේ මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු සොයා විමර්ශන

හම්බේගමුව පොලිස් වසමේ අළුත්වැව ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටය දී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රීරෝද රථය අතර මඟ නවතා තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වූ කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09