විසඳුම් නොලැබුණොත් ලබන සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයක් – දුම්රිය ස්ථානාධිපතිවරු අනතුරු අඟවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වනවිට සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මවම වැඩ වර්ජනයේ නිරත වනවා.

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනයෙන් පසු සිය ඉල්ලීම්වලට රජය විසින් විසඳුම ලබා නොදුනහොත් ලබන සතියේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක යොමුවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය ඇතුළු රජය වගකිව යුතු බව ද ඔහු මෙහිදී පැවසුවා.

සාමාන්‍ය දිනක දී ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර 325ත් 300ත් අතර ප්‍රමාණය මෙම වැඩ වර්ජනයත් සමඟ අද (17) සවස්වන විට උපරිම දුම්රිය 25ක් පමණ ධාවනය කෙරෙනු ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළා.

මේ අතර විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909ක් සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගෙන ඇති බව අදාල නිවේදනය මඟින් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?