Update – කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේන, සුමිත්‍රාරාම මාවත ප්‍රදේශයේ දී අද (16) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, ඔහු 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බව පොලිසිය සඳහන් කළා.

තුවාල ලබා ඇති කාන්තාව 67 වන වියේ පසුවන තැනැත්තියක් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

නිවසක් තුළට ඇතුළු වූ පුද්ගලයෙක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්