සැකකරුවෙක් සහ සැකකාරියක් සොයන්න පොලිසිය උදව් ඉල්ලයි

සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු සහ සැකකාරිය වාහන විකුණුම් දැන්වීම් පළකර පුද්ගලයින් රවටා මුදල් වංචාකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හේවා දේවගේ සංජීව උපුල් විජේරත්න (ජාතික හැඳුනුම්පත් අංක 751752024 V) නැමැති සැකකරු සහ රණසිංහ හෙට්ටිආරච්චිගේ දිස්නා ඉරෝශනී රණසිංහ (ජාතික හැඳුනුම්පත් අංක 838491553 V) නැමැති සැකකාරිය මෙම මුදල් වංචාවන් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සහ සැකකාරිය පදිංචි නිශ්චිත ස්ථානයක් පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසිය තවමත් හැකියාව ලැබී නැහැ.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

071-8594911 / 011-2398572 / 011-2320140 / 011-2320145

සැකකරුගේ ඡායාරූපය

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?