තුන් වසරකට පසුව රුසියාව හා යුක්‍රේනය පළමු වරට මුහුණට මුහුණ සාකච්ඡාවට එයි

දරුණු යුද ගැටුම් අතරතුර වසර තුනකට පසුව රුසියාව සහ යුක්‍රේනය සෘජු සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් ව සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ දරුණුතම යුද ගැටුමක් ලෙස සැලකෙන යුක්‍රේන – රුසියා යුද්ධය වහාම නතර කරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දෙපාර්ශ්වයට ම දැඩි බලපෑම් එල්ල වන පසුබිමක මෙය සිදු වන බවයි.

ඒ අනුව රුසියාව සහ යුක්‍රේනය සිය පළමු සාම සාකච්ඡා සඳහා අද (16) ඉස්තාන්බුල්හි දී රැස්වෙනු ඇති.

බොස්ෆොරස් හි ඩොල්මාබාස් මාලිගයේ පැවැත්වෙන මෙම හමුවීම 2022 මාර්තු මාසයේ සිට මුහුණට මුහුණ හමු නොවූ සටන් කරන පාර්ශ්වයන් අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රගතියේ සලකුණක් ලෙසත් රොයිටර්ස් වාර්තා කරනවා.

තුර්කි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ තුර්කි, එක්සත් ජනපද සහ යුක්රේන නිලධාරීන් අතර හමුවක් ද පැවැත්වෙන බවත්, ඉන්පසු තුර්කි, රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වෙන බවත්ය.

පුටින් තුර්කියේදී යුක්රේනය සමඟ සෘජු සාකච්ඡා යෝජනා කළ නමුත්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් තමාව පෞද්ගලිකව හමුවීමට කළ අභියෝගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට මධ්‍යම මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා සඳහා යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26