කොටහේන දැරියගේ සිදුවීම ගැන විමසීමට වගකිව යුතු පාර්ශ්ව මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

කොටහේන ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එකී විමර්ශනය මැයි මස 14 වැනි දින පෙරවරු 10.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැත්වුණු බවයි.

බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පති , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සිද්ධියට සම්බන්ධ අදාළ ගුරුවරයා, පොලිස් ස්ථානාධිපති – බම්බලපිටිය, පොලිස් ස්ථානාධිපති – කොටහේන හා අදාළ පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධීකාරක විමර්ශනය සඳහා කැඳවා තිබුණා.

විදුහල්පති හා අදාළ ගණිත ගුරුවරයා හේතු දැක්වීමකින් තොරව නියමිත වේලාවේ දී කොමිෂන් සභාව හමුවේ පරීක්ෂණයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව කොමිෂන් සභා පනත ප්‍රකාර ව ක්‍රියා නොකිරීමට හේතු විමසීමට ද තීරණය කෙරුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිවේදනයේ දැක්වෙන්නේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙනුවෙන් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ කරුණු ඉදිරිපත් කරන ලද අතර මේ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව දින 07ක් තුළ වැඩිදුර වාර්තාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරුණා.

එමෙන්ම දැනට පවතින විමර්ශන ප්‍රගතිය ගැන ද පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද බම්බලපිටිය හා කොටහේන පොලිසියට ද නියම කෙරුණා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අවසන් කර එහි නිගමන හා නිර්දේශ ලබාදීමට බලාපොරොත්තු වන අතර මේ පිළිබඳ ව අදාළ රාජ්‍ය ආයතන විසින් ඔවුන්ගේ සිය වගකීම නිසි පරිදි ඉටුකර තිබේ ද යන්න සහ යම්කිසි රාජ්‍ය පාර්ශ්වයක් අදාළ දැරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව හා ළමා හිංසනයක් සිදු වී තිබේ ද එසේ සිදු වී ඇත්නම් කිනම් පාර්ශ්වයක් විසින් ඒ සඳහා වගකිව යුතු ද යන්න අවධානය යොමු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18