ප්‍රපාත දෙකකට වාහන පෙරළී සිව්දෙනෙකුට තුවාල

ඊයේ (15) පස්වරුවේ සහ අද (16) අලුයම 04ට පමණ දිවයිනේ ප්‍රදේශ දෙකක වාහන දෙකක් ප්‍රපාත වෙත පෙරළී ගොස් තිබෙනවා.

ඉන් පළමු වැන්න සිදු ව ඇත්තේ, හබරණ – කන්තලේ මාර්ගයේ ගල්ඔය, යකා වංගුව අසල දීයි.

කැබ් රියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් කළ දෙදෙනකු සුළු තුවාල ලැබුවා.

දෙවැනි අනතුර සිදු වූයේ අද අලුයම 04ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේ දීයි.

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරලී යෑමෙන් මෙම අනතුර සිදු වුණා.

එහි දී කැබ් රියේ රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා වටවල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?