ශ්‍රී ලංකා – මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ තේරී පත්ව තිබෙනවා.

මෙම සංගමය දසවන පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම 2025 මැයි 09 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.

ගරු නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රොහණදීර ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

එම රැස්වීමේ දී ශ්‍රී ලංකා – මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර තේරී පත් වුණා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථික ඇතුළු අංශවලින් දිගුකාලීනව පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය දෙපාර්ශවයම පෙන්වා දුන්නා.

පොදු වැදගත්කමක් සහිත කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වේදිකාවලදී දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී නැවත තහවුරු කිරීම සිදුවුණා.

සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නැගී එන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශවයේම කැපවීම මෙහිදී තහවුරු කෙරුණා.

නැවත ස්ථාපිත කළ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් ලෙස ජනතාව අතර සබඳතා දක්වා විහිදෙන, ශක්තිමත් සබඳතා ගොඩනැගීම සඳහා වැදගත් වේදිකාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?