පිල්ලෙයාන් මිලියන 100ක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රහස් පොලිසියේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින් ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

  1. THIS LTTE KILLER Led The His Killing Mafia to Kill
    Police officers, 600+
    Buddhist Bhikkus 230 +
    TNA Child Brigade 200+.
    KebilithiGolleyawe Masecare 250+.
    Kathankudyi Mosque Masecare 180+

    So HOW MUCH, those Suffered After All Those KILLING,
    Should ask For Compensations From THIS KILLER Pilleyyan and His VVIP Politician Sponsors



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31