පිල්ලෙයාන් මිලියන 100ක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රහස් පොලිසියේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින් ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?