සුනිල් සෙනෙවිට පලස්තීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිකම

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා –
පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් වුණා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම මැයි 09 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කරන්නේ.

රැස්වීමේදී, ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා තේරී පත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම්
සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය මෙම හමුවේදී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ නිරන්තරයෙන් සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව ද මෙහිදී සාකච්ඡා වුණා.

2015 වසරේදී ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, දෙරට පාර්ලිමේන්තු අතර සාකච්ඡා සහ සහයෝගීතාව
වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කළා.

මෙම සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය සහ
අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21