කෙහෙළියගේ බාල බෙහෙත් නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කෙරේ

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි‍, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.

කෙසේවෙතත්, විනිසුරු මහේන් වීරමන් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහු කමිටුවෙන් ඉවත් වන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විනිසුරු මහේන් වීරමන් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සැකකාර හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32