කින්ග් කෝලිට අනුෂ්කා ආයෙමත් ආදරේ යැයි පවසයි

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් නිල වශයෙන් සමු ගන්නා බවට අද (12) දිනයේ දී සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා දැනුම්දීමෙන් පසුව ඔහුගේ ආදරණීය බිරිඳ වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ද කෝලි පිළිබඳ ව විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ සිය නිල මුහුණුපොතේ යි.

අනුෂ්කා පවසා ඇත්තේ මෙවැන්නක්;

බොහෝ දෙනා ඔබගේ වාර්තා සහ සන්ධිස්ථාන ගැන කතා කරාවි, ඒත් ඔබ කවදාවත් නොපෙන්වූ කඳුළු, කිසිවෙකු නොදුටු තීරණාත්මක සටන් සහ ඔබ මෙම ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් අප්‍රමාණ වූ ආදරය මට හොඳින් මතකයි. මේ සියලු ම දේ ඔබෙන් කොපමණ ප්‍රමාණයක් ලබා ගත්තා ද යන්න මම දනිමි. සෑම ටෙස්ට් තරගාවලියකටම පසු, ඔබ යම්තාක් දුරකට නුවණැතිව, නිහතමානීව ආපසු පැමිණියා. ඒ සියල්ල හරහා ඔබ පරිණාමය වී දැකිය හැකි වුණා.

කෙසේ හෝ, මම සැමවිටම සිතුවේ ඔබ සුදු ඇඳුමින් සැරසී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇතැයි කියායි – නමුත් ඔබ සැමවිටම ඔබේ හදවත කියන දේ ඉටු කරමින් සිටින්නෙක්, එබැවින් මට මගේ ආදරය ඔබ වෙත පැවසීමට අවශ්‍යයි, ඔබ මේ සමුගැනීමේ සෑම කොටසක් ම උපයාගත් අයෙක්.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18