ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූ සයමස් බිළිඳාගේ තත්ත්වය සංකීර්ණයි (වීඩියෝ)

කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ මාරක බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ සිට පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවූ දරු තිදෙනාගෙන් සයමස් වියැති බිළින්දාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව වාර්තා වනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ඒ. එම්. එස්. වීරබණ්ඩාර මහතා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, ගම්පොළ රෝහලේ සිට තම රෝහලට මාස 06ක බිළිඳෙකු, අවුරුදු 06ක සහ 11ක දරුවන් දෙදෙනකු ඇතුළත් කර බවයි.

ඔවුන් තිදෙනාගෙන් මාස 06ක් වන බිළිඳා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, එම බිළිඳාට ඊයේ (11) පස්වරුවේ ශල්‍යකර්මයක් සිදු කළ බවත්, එම දරුවාගේ පපු කුහරය ආසන්නයෙන් කශේරුකාවටත්, මුත්‍රා මාර්ගයටත්, යටි උදරය ප්‍රදේශයටත් දැඩි හානි සිදු ව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන පරිදි එම දරුවාට තවත් සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවන් තිදෙනාම එකම පවුලේ සොහොයුරන් බවත්, මාස 06 වන බිළිඳා බස් අනතුරෙන් මියගිය මවගේ උකුළෙහි පැමිණ ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

ඔවුන් බණ්ඩාරවෙල සිට සිය ඥාතී නිවසකට යාමට කතරගම – කුරුණෑගල බසයට ගොඩ වී ඇත්තේ බණ්ඩාරවෙල නගරයෙන් බවයි සුව වෙමින් සිටි 11 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ.

මේ අතර මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසික ව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
60
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?