ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූ සයමස් බිළිඳාගේ තත්ත්වය සංකීර්ණයි (වීඩියෝ)

කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ මාරක බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ සිට පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවූ දරු තිදෙනාගෙන් සයමස් වියැති බිළින්දාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව වාර්තා වනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ඒ. එම්. එස්. වීරබණ්ඩාර මහතා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, ගම්පොළ රෝහලේ සිට තම රෝහලට මාස 06ක බිළිඳෙකු, අවුරුදු 06ක සහ 11ක දරුවන් දෙදෙනකු ඇතුළත් කර බවයි.

ඔවුන් තිදෙනාගෙන් මාස 06ක් වන බිළිඳා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, එම බිළිඳාට ඊයේ (11) පස්වරුවේ ශල්‍යකර්මයක් සිදු කළ බවත්, එම දරුවාගේ පපු කුහරය ආසන්නයෙන් කශේරුකාවටත්, මුත්‍රා මාර්ගයටත්, යටි උදරය ප්‍රදේශයටත් දැඩි හානි සිදු ව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන පරිදි එම දරුවාට තවත් සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවන් තිදෙනාම එකම පවුලේ සොහොයුරන් බවත්, මාස 06 වන බිළිඳා බස් අනතුරෙන් මියගිය මවගේ උකුළෙහි පැමිණ ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

ඔවුන් බණ්ඩාරවෙල සිට සිය ඥාතී නිවසකට යාමට කතරගම – කුරුණෑගල බසයට ගොඩ වී ඇත්තේ බණ්ඩාරවෙල නගරයෙන් බවයි සුව වෙමින් සිටි 11 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ.

මේ අතර මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසික ව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36