AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල සහ පලස්තීන ‘නායකයින්ට’ යුද්ධය අතරේ ලැබුණු ඇමතුම!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල සහ පලස්තීන නායකයින් දෙදෙනාම වෙත මේවන විට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ගාසා තීරයේ හටගෙන ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ගාසා තීරයේ උත්සන්න වී ඇති ගැටුම් අවසන් කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවද ඊශ්‍රායල සහ පලස්තීන නායකයින්ගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සරණාගත කඳවුරක සිටි පුද්ගලයින් 10 දෙනෙකු මිය යෑම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

හමාස් සංවිධානයට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු අඛණ්ඩ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ළමයින් ඇතුළු අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත ඛේදජනක ලෙස අහිමි වී ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?