Update – ගැරඬිඇල්ල ලංගම බස් අනතුරින් මියගිය ගණන 11 දක්වා ඉහළට (වීඩියෝ)

ලංගම බස් රථයක් රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මේ වනවිට 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථයක් අද (11) අලුයම මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

Update – Sunday, May 11, 2025, 9.30AM

ගැරඬිඇල්ල බස් අනතුරින් මියගිය ගණන 08ක් දක්වා ඉහළට – සිරවී සිටින අය බේරාගැනීමට තවමත් මෙහෙයුම්

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සිටින බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුර පත් බස් රථය තුළ තවත් පුද්ගලයින් සිරවී සිටින බවයි වාර්තා වුණේ.

ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

කතරගම – කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15