ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එක්ස් සමාජ මාධ්‍ය වෙත සහටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන දෙපාර්ශ්වයම අද පස්වරු 5:00 සිට ගොඩබිම, ගුවන් සහ මුහුදේ සිදුකරන හමුදා ක්‍රියාමාර්ග නවත්වන බවයි.
මේ අතර පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී ඇති බව පාකිස්තානය නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් තහවුරු කර සිටියා.
පාකිස්තානය සැමවිටම කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා උත්සාහ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.














Well done America and God bless you Mr Trump 🙏🙏🙏
Thats the sole expectation of srilankans because both countries are eqally important and friends.Thanks Amarica for the mediation.
this would have led to 3 rd world war but for the cease fire by happy chance.