ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එක්ස් සමාජ මාධ්‍ය වෙත සහටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන දෙපාර්ශ්වයම අද පස්වරු 5:00 සිට ගොඩබිම, ගුවන් සහ මුහුදේ සිදුකරන හමුදා ක්‍රියාමාර්ග නවත්වන බවයි.

මේ අතර පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී ඇති බව පාකිස්තානය නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් තහවුරු කර සිටියා.

පාකිස්තානය සැමවිටම කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා උත්සාහ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?