පස්සර රෝහලට ඇතුළත් කළ දැරියක් සැකසහිත ලෙස මිය ගිහින්

ඊයේ (09) රාත්‍රී කාලයේ පස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම මරණය සැකසහිත බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත මර්ශනක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පස්සර, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 07ක දැරියක්.

මෙම දැරිය සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතික්ෂාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ දැරියගේ ශරිරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බැවින් මෙම මරණය සැකසහිත මරණයක් බවට පොලිසිය තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පස්සර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57