බෙල් 212 ගුවන් අනතුරින් තුවාල ලැබූ සය දෙනාගෙන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට (වීඩියෝ)

අද (09) පෙරවරුවේ මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු හමුදා භටයින් 12 දෙනාගෙන් සයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සය දෙනෙකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, තුවාල ලැබූ සය දෙනාගෙන් දෙදෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සෙසු සිව්දෙනාගේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වෙමින් තිබෙන බවත් වාර්තා වුණා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් විසිර යාමේ උත්සවයකට එක්වීමට පියාසර කරමින් සිටි ගුවන් යානාවක් මෙලෙස හදිසි අනතුරකට ලක් වුණා.

එහිදී හෙලිකොප්ටරය ජලාශයට කඩා වැටීමත් සමග එය ගිලී ගොස් ඇති අතර, එම යානාව ගොඩගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව පූර්ණ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අරලගංවිල පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ගුවන් යානාව කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානාව තුළ ගුවන් නියමුවන් දෙදෙනකු, ගුවන් තුවක්කුකරුවන් දෙදෙනකු,රෙජිමේන්තු හමුදා බලකා නිලධාරීන් (RSF) නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා විශේෂ (Army SF) බලකායේ සාමාජිකයින් සයදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18