එමිරේට්ස් ගුවන් සේවයේ නවීනතම සගයා මෙරටට එක් වූ හැටි (ඡායාරූප)

එමිරේට්ස් ගුවන් සේවය වෙත අලුතින් එක් වූ නවීනතම A350 එයාර් බස් ගුවන් යානය ඊයේ (08) දින පස්වරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ,එමිරේට්ස් ගුවන් සේවය සතු ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් A380 සහ අමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං 777 සිය ගුවන් යානා බලඇණියට, අලුතින් එක් ව සිටින්නේ මෙම එයාර් බස් A350 ගුවන් යානා බවයි.

පුළුල් බද සහිත කාර්යක්ෂම, අතිනවීනතම මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් බල ගැන්වෙන අතර, ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ගුවන් සේවයටත් ගුවන් මගීන්ට වැඩි පහසුකම්වලින් යුතු සුවදායී ගුවන් ගමනක ආස්වාදය ලබාදීමටත් සමත්.

කෙටි, මධ්‍යම සහ පැය 15 ඉක්මවා යන ගුවන් ගමන් සඳහා ද මේ වනවිට එමිරේට්ස් ගුවන් සේවයේ මෙම ගුවන් යානා යොදවා තිබෙන අතර, මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 32ක් , ප්‍රිමියම් ව්‍යාපාරික පංතියේ ආසන 21ක් සහ ප්‍රිමියම් ඉකොනොමි පංතියේ ආසන 259ක් වශයෙන්, සමස්ත ගුවන් මගී ආසන 312ක් සැලසුම් කර තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන්ට වැඩි ඉඩකඩක් සහිත සිය ගමන් මළු ගබඩා කිරීමට කැබින් පද්ධති පුළුල් කර ඇති අතර, මෙම ගුවන් යානය තුළ ස්ථාපිත කර ඇති නවීනතම සන්නිවේදන පද්ධති මගින් ගුවන් ගමන අතරතුර විනෝදාස්වාදය ලබාදෙන සිනමා පට, ලොව පුරා ප්‍රකාශිත ඩිජිටල් පුවත් පත් සහ සඟරා කියැවීමට අවස්ථාව හිමි වී තිබීමත් විශේෂත්වයක්.

ගුවන් යානයේ ගමන් මග නැරඹුම් දිශා 05කින් සජීවීව දැක බලා ගැනීමට, ජංගම දුරකථන යළි ආරෝපණය කර ගැනීමට, බ්ලූටූත් සබඳතා සැණෙකින් ක්‍රියාත්මක කර ගැනීමට මෙන්ම මෙම සියල්ල අතරේ ගුවන් මගී අවශ්‍යතා මත ගුවන් යානා කැබින් කාර්යය මණ්ඩලයේ සහාය ලබා ගැනීමට ද අවස්ථාව හිමි කර දී තිබෙනවා.

එසේම ජාත්‍යන්තර චන්ද්‍රිකා ජාලය හරහා ගුවන් ගමන අතරතුර දී අඛණ්ඩව අන්තර්ජාල සබඳතා පවත්වා ගත හැකි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු නව පරම්පරාවේ ඇන්ටෙනා පද්ධතියක් මගින් ඇමෙරිකාව සහ උත්තර ධ්‍රැවය හරහා ගමන් කිරීමේ දී අඛණ්ඩ ගෝලීය සබඳතා ද මේ මගින් පවත්වා ගෙන යාමට පහසුකම් සලසා දී තිබෙනවා.

දිගුකාලීන ගුවන් ගමන් සඳහා උචිත වන සුවපහසු මගී ආසන පද්ධතිය සහ වැඩි ඉඩකඩක් සහිත සුඛෝපභෝගී වැසිකිළි පද්ධතියකින් ද මෙම ගුවන් යානය සමන්විත යි.

මෙම නවීනතම එයාර් බස් A350 ගුවන් යානය ඊයේ පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එය දැකබලා ගැනීමට මාධ්‍යවේදීන් 30ක පමණ පිරිසක් ද , ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම එමිරේට්ස් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඊසා සුලෙයිමාන් අහමඩ් මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

සතියේ සෑම දිනකම සිව් වතාවක් මෙම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අතර, එයින් එක් ගුවන් ගමන් වාරයක් සඳහා මෙම නවතම එයාර් බස් A350 ද පැමිණීම සිදු කරනවා.

එය ශ්‍රී ලංකාවේ 2025 වසරේ සංචාරක ඉලක්ක සපුරාලීම සඳහා මහගු මෙහෙවරක් කරමින් සිටින බවයි වාර්තාකරු පැවසුවේ.

Image
Emirates A350 scaled
IMG 20250509 WA0033
IMG 20250509 WA0035
  1. A 350 emirates ගුවන් යානය 8 වෙනිද නෙවෙයි ලංකාවට ආවෙ ගොඩක් දවසකට කලින් දිනය නම් මතක නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56