පරණ කෝන්තරයක් මාළු කපන පිහියෙන් කෙළවර කරගත් හැටි – පිය පුතුට අසාධ්‍යයයි

අකුරැස්ස මත්ස්‍යයින් අලෙවි කරන වෙළෙඳපොළක් ඉදිරිපිට මාළු ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු හා අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමිය ඉදිරිපිට මාළු වෙළෙඳාමේ නිරත පිය පුතු දෙදෙනකු අතර මෙලෙස ගැටුම හටගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එහිදී දෙපාර්ශ්වය විසින් තියුණු පිහි උපයෝගී කරගනිමින් එකිනෙකාට පහර දී තිබෙනවා.

එම දර්ශන අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් ව ඇති අතර මෙම සිද්ධියට අනුබල දුන් අයෙක් ද අකුරැස්ස පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

පළමු ව පහර දුන් මාළු ව්‍යාපාරිකයා ත්‍රීරෝද රථයකින් පැමිණ සෙසු පුද්ගලයාට ඔහුගේ මාළු ලෑල්ලේ තිබූ පිහියක් ගෙන පහර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට හේතුව පරණ කෝන්තරයක් බවත් අනාවරණය වී තිබෙනවා.

සිය පුතුට පහර පිට පහර දෙන සිද්ධිය දුටු පියා සිය මාළු පිහිය රැගෙන විත් ආරවුල්කරුට පහර දී තිබෙන බවත් එය වැළැක්වීමට අසල මාළු හලේ සිටි තවත් අයෙකු මැදිහත් වුව ද එය අසාර්ථක වී ඇති බවත් හෙළි ව තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි පුතු හා 57 හැවිරිදි ඔහුගේ පියා යි.

පුත්‍රයාගේ එක් අතක ඇඟිල්ලක් වෙන් වීමට ම පහර වැදී ඇති බවත් පියාගේ එක් අතක් වෙන් වන ලෙසින් කැපී ඇති බවත් ඔවුන් ව කරාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතර මූලික රෝහලටත් ඇතුළත් කර ඇති බවත් පැවසෙනවා.

මේ වනවිට ඔවුන් දෙදෙනා ම ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අකුරැස්ස පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26