යතුරුපැදිකරු හා පසුපැදිකරුට මරු කැඳවූ අනතුර

ඊයේ (07) සවස් කාලයේ වීරකැටිය පොලිස් වසමේ වීරකැටිය රන්න මාර්ගයේ ගුරුගොඩැල්ල හන්දිය අසලදී රන්න දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 40 ක් වූ පට්ටියපොල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?