මීටියාගොඩ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට අත්වාරු දුන් තිදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, පසුගිය 03 වනදා මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි කිරීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?