මීටියාගොඩ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට අත්වාරු දුන් තිදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, පසුගිය 03 වනදා මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි කිරීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32