කොළඹ නගරාධිපති ධුරයට තවත් ඡන්දයක් ? – මාලිමාවට අභියෝගයක්

පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය මෙවර පුංචි ඡන්දයේ දී සමත් වුණා.

එහෙත්, කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධුර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී බෙදී ගොස් ඇත්තේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 117න් 48ක් ජාතික ජන බලවේගයටයි.

සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමි ව තිබෙනවා.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධුර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබෙනවා.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධුරය බැගින් දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා සඳහන් කර සිටිනවා.

කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළා.

“පත් වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතුයි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා”යනුවෙන් හෙතෙම පැවසුවා.

කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධුරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.

විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධුරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියා.

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කර ඇත්තේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.

“අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ” යනුවෙන් රහුමන් මහතා සඳහන් කළා.

නමුත් ‘කොළඹ බලය වෙන කාටවත් නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.

මෙවර ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කරන ලද අතර කොළඹ පුරපති සටනට සමගි ජන බලවේගයෙන් ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා යෝජනා කර තිබුණා.

  1. හොරුන්ට එකතුවෙලා කරන්න දෙන්න බැහැ.. ඕකුන්ට කොහොමටවත් කොළඹ මහ නගර සභාව දෙන්න බැහැ තක්කඩිඉන්ට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11