කොරෝනා ආසාදිතයන් තම නිවසේම රදවන්නට තීරණය කරයි

කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් බවට තහවුරු වන එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

ඒ අනුව ලබන 17 වන සඳුදා සිට වෛද්‍ය සභාවේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ නිරීක්ෂණ යටතේ එම ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති. කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන රෝගීන් රෝහල් ගත කරන බවයි අමාත්‍යවරිය කියාසිටියේ.