ව්‍යාජ ඉඩම් සිද්ධියකට හිර කළ මර්වින් සිල්වාට අදත් ඇප නැතිවෙයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පස්දෙනකු ලබන මැයි 19 වැනිදා දක්වා තවදුරටත් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ, පසුගිය මාර්තු 05 වැනිදා රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේ දී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

මේ වන මාස දෙකකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත ව සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අනෙක් සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනකුට විවෘත වරෙන්තු නිකුත් ඇති අතර ඔවුන් සොයා තවදුරටත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ කිහිපයක ස්ථාන රැසක් පරීක්ෂා කර තිබුණත් ඔවුන් පිළිබඳ ව මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?