Update – ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 19ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇති පුද්ගලයා දෙහිවල, ඕබන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.