නිහඬ කාල සීමාවේ නීති උල්ලංඝනය කරන අයට නීතිය දැඩිවෙයි – මැතිවරණ රාජකාරිවලට පොලිසියෙන් 65,000ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුවව මේ වනවිට මැතිවරණ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වනවා.

නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අවශ්‍යතාව මත යුද හමුදා සාමාජිකයින් ද ඒ වෙනුවෙන් අනුයුක්ත කරන බවයි.

මේ අතර ඊයේ (03) පෙරවරු 6.00 සිට අද (04) පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලය තුළ මැතිවරණ අපේක්ෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

ඊට අමතරව ආධාරකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණි 22ක් සහ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 03ක් ද ලැබී ඇති බව පොලිසිය පැවසුවා.

2025 පළාත් පාලන මැතිවරණය අනිද්දා (06) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40