කාශ්මීර ප්‍රහාරයේ සැකකරුවන් 06ක් ලංකාවට ආ බවට තොරතුරක් – කටුනායක හදිසි පරීක්ෂාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද (03) දහවල් හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

අද (03) පෙරවරුවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු පැමිණෙන බවට ඉන්දියාවෙන් ලැබුණු තොරතුරක් මත මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පෙරවරු 11.20ට කටුනායකට පැමිණි යූ.එල් 123 දරණ ගුවන් යානයෙන් මෙම සැකකරුවන් පැමිණෙන බවට තොරතුරු ලැබී තිබූ අතර, එවැනි සැකකටයුතු කිසිවෙක් අදාළ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ නොමැති බව සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බවයි ගුවන්තොටුපොළ ‘දසත නිවුස්’ වාර්තාකරු පැවසුවේ.

පොලීසිය, ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම හදිසි පරික්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් මතුව ඇති අතර, එය දෙරට අතර යුදමය තත්ත්වයක් දක්වා වර්ධනයවන මට්ටමකට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14